(දිලීප් ජයසේකර)
ප්‍රදේශවාසීන්ගේ දැනුම් දිමකට අනුව හම්බන්තොට බදගිරිය වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (9) සොයා ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ මහවැව පාර, කෑලියවැලෑන, බදගිරිය ලිපිනයේ පදිංචි රොහාන් රංජිත් ජයසිංහ නැමති 31 හැවිරිදි දෙදරු පියෙකි.
ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ මියගිය පුද්ගලයා බදගිරිය වැවේ මාළු ඇල්ලීමට ගිය පසු ධීවර සමිතියේ පිරිසක් මෙම පුද්ගලයාට පහරදී ඝාතනය කර දමා ඇති බවයි.
බදගිරිය වැවෙහි ලියාපදිංචි ධීවරයින්ට හැර වෙනත් කිසිවකුටත් මාළු ඇල්ලීම තහනම් අතර දිනපතා ධීවර සමිතියේ පිරිස් රාත්‍රී කාලයේහි වැවෙහි මසුන් අල්ලන පුද්ගලයන් සොයා මුර සංචාරය කරති.
ධීවර සමිතියේ පිරිස් පවසන පරිදි පසුගිය 8 වැනිදා රාත්‍රී මියගිය පුද්ගලයා ඇතුළු තිදෙනෙකු බදගිරියේ වැවේ හොරෙන් මාළු අල්ලමින් සිටියදී ධීවර සමිතියේ පිරිස් එනු දැක ඔවුන් බෝට්ටුවෙන් පැන පීනා ගිය බවය. පසුව ඉන් එක් අයකු දියේ ගිලීම හේතුවෙන් මරණයට පත්ව වැවේ පාවෙමින් තිබියදී සොයා ගනූ ලැබීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදගිරිය වැවේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගනී