IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


බණ්ඩාරවෙල පාසලක මුදල් අයකැමිවරයකුට සිරදඬුවම්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පහසුකම් ගාස්තු සහ ශිෂ්‍ය නේවාසික ගාස්තු ලෙස වසර තුනක කාලයකදී පාසලට ලැබුණු රුපියල් ලක්ෂ 30 අධික මුදලක් සාපරාධි පරිහරණය කිරීමේ චෝදනාවකට වරදකරු වූ බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පාසලක මුදල් අයකැමි ලෙස කටයුතු කළ සුනිල් ධම්මික සෝමසුන්දර නැමැත්තාට වසර 3 1/2 ක සිරදඬුවම් නියම කරමින් අභියාචනාධිකරණ ලබා දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබීය.

එම සිරදඬුවම අභියෝගයට ලක් කරමින් ගොනු කළ චූදිත සුනිල් ධම්මික සෝමසුන්දර නැමැත්තා ගොනු කළ අභියාචනා පෙත්සම නිෂ්ප‍්‍රභා කරමින් , අභියාචනාධිකරණය විසින් නියම කළ දඬුවම වහාම ක‍්‍රියාත්මක කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

සිසිර ද ආබෲ , එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලදී.

1998 ජූනි 1 වැනිදා සිට 2000 වසරේ දෙසැම්බර් 31 වැනිදා කාලය තුළදී බණ්ඩාරවෙල ගුරුතලාව ප‍්‍රදේශයේ විදුහලක මුදල් අයකැමිවරයා ලෙස සේවය කරමින් සිටියදී, එම විදුහලට පහසුකම් ගාස්තු සහ ශිෂ්‍ය නේවාසික ගාස්තු ලෙස ලැබුණු රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව නඩු තුනක් පවරා තිබිණි.

එම නඩු විභාග වන අතරතුර විත්තිකාර සුනිල් ධම්මික සෝමසුන්දර නැමැත්තා වරද පිළිගත් අතර එක් නඩුවකට බරපතල වැඩ සහිත සහිත වසර පහක බැගින් සිරදඬුවම් නියම කර, එය වසර පහක කාලයකට අත්හිටුවීමට බදුල්ල මහාධිකරණය විසින් නියම කර තිබිණි.

එසේම විත්තිකරුට රුපියල් 10,000ක් බැගින් දඩයක් ගෙවීමට ද නියම කළේය.

බදුල්ල මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් 2015 /06/23 දින නියම කළ එම දඬුවම ප‍්‍රමාණවත් නොවන බව පවසමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කළේය.

නීතිපතිවරයාගේ අභියාචන පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය බදුල්ල මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව ඉවත් කර විත්තිකරුට වසර 3  1/2 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කළ අතර එම විත්තිකාර අභියාචන පෙත්සම ඉවත දමමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

නීතිපති වරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම නඩුවට පෙනී සිටියේය.



අදහස් (0)

බණ්ඩාරවෙල පාසලක මුදල් අයකැමිවරයකුට සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site