(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල බටදූවේ රබර් ආශ්‍රිත නිශ්පාදන කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 26 දෙනකුට මේවනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මෙම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයන් 24 දෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මේ අනුව කර්මාන්තශාලාව ආශ්‍රිතව සොයාගෙන ඇති සම්පූර්ණ රෝගීන් ගනන 50කි.
කර්මාන්තශාලාවෙන් ආසාදිතයන් 11 දෙනකු මුලින් සොයාගත් අතර ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රථිපල අනුව අනෙකුත් ආසාදිතයන් හමුවී තිබේ. ආසාදිත පුද්ගලයන් රෝහල්ගකතර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම මේ රටට ඩොලර් එකක් හොයලා දෙන මේ තැන් වලට එන්නත ලබාදීම ප්‍රමුඛතාව දෙන්න. නිකන් ඉන්න කාලකන්නින්ට දෙන්න එපා. මේ කම්හල් හරහා විශාල ප්‍රමාණයක් යැපෙනවා. ඒ මිනිස්සු පාරට දාන්න එපා...