(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලමේ පාසලක ප්‍රාථමික අංශයේ 3 ශ්‍රේණිය වසා දැමීමට කටයුතු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.
 
මෙම පංතියේ අධ්‍යාපනය හදාරණ සිසුවියකගේ පියා ආසාධිත විම හේතුවෙන් එම පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි .
 
දැරියගේ පියා මීගමුව ලංගම ඩිපෝවේ සේවය කල රියදුරෙකු වන අතර ඔහු ජෛව පටල සාම්පල පරීක්ෂාවකට ලක්කිරීමෙන් පසුව නිවසට පැමින සිටියදි කොරෝනා ආසාධිතයකු බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
 
ඒ හේතුවෙන් අදාල රියදුරුගේ දැරිය අධ්‍යාපනය හදාරණ 3 ශ්‍රේණියේ සිසුන් 15 ක් හා අධ්‍යාපන කටයුතුවල නිරත වු ගුරුවරියක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.