
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට අද(11) කළ පි.සි.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වු බව එම කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.යුසුප් මහතා පැවසීය.
මේ හේතුවෙන් එම සෞඛ්‍ය වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වසා දමා ඇතැයි ඒ මහතා කීය.
නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික මුල්‍ය රක්ෂණ සමාගමක කොවිඩ් -19 වයිරසය ආසාදනය වු නාවලපිටිය නගරයේ පදිංචිකරුවෙකු අතිරේක සෞඛ්‍යය වෛද්‍යඅ නිලධාරිවරයාගේ නාවලපිටිය පැණිමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බව අනාවරණය විය.එනිසා අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිදුකරගත් පි.සි.ආර් පරීක්ෂණය අනුව ඔහුට වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කළ බවත් , තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කායාලයේ සියලුම නිලධාරින් ස්වයං නිරෝධානයට යොමු වී ඇති බවත්, ආශ්‍රිතයෙකු නොවන මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයෙකු යොදා ගනිමින් තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කටයුතු සිදු කරන බවත් ඔහු කීය.
කොවිඩ් -19 ආසාදනය වු අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පස්බාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වහයි