IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පශ්චාද් මරණ පරීක්ෂණයක් නොපවත්වා වළ දැමූ මළ සිරුරක් ගොඩගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ක්‍රිකට් පිත්තකින් පහර කෑමෙන් බරපතල තුවාල ලබා මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුර පශ්චාද් මරණ පරීක්ෂණයක් නොවපත්වා බටකැන්දර සුසාන භූමියේ මිහිදන් කර තිබියදී කැස්බෑව අධිකරණයේ වැඩෙබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා  මහත්මිය ඉදිරියේ අද(23) ගොඩගත් බව පිළියන්දල පොලිසිය කියයි.
 
මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල මාකැන්දන වැලිගොටුවත්ත පදිංචි සිටි එම්. චන්දපාල පීරිස් නම් 65 හැවිරිදි එක් දරු පියෙකි.
 
මියගිය පුද්ගලයා අප්‍රේල් මාසයේ 13වැනි දින එම ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු හා බහිස්බස් වූ බවත්, එම පුද්ගලයා ක්‍රිකට් පිත්තකින් පහරදීමෙන් මෙම තැනැත්තා බරපතල තුවාල ලබා තිබූ බවත් පොලිසිය කියයි.
 
එම මොහොතේම එම පුද්ගලයාව කොළඹ ජාතික රෝහල කරාගෙන ගොස් තිබූ අතර දින කිහිපයක් ප්‍රතිකාර ලබා දී කලුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබිණි.
 
පහරදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කර තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

පශ්චාද් මරණ පරීක්ෂණයක් නොපවත්වා වළ දැමූ මළ සිරුරක් ගොඩගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site