IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිස් අණ නොතැකූ ලොරියට වෙඩි

රෝවන් පෙරේරා සහ ජයරත්න වික්‍රමාරච්චි

පොලිස් අණ නොතකා ධාවනය කළ නීතිවිරෝධී දැව ප්‍රවාහනය කළ ලොරි රථයකට අද (7) කරුවලගස්වැව පොලීසිය වෙඩි තිබේ.

දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් වනාතවිල්ලුව ප්‍රදේශයේ සිට පොලිස් මාර්ග බාධක මග හරිමින් මයිලංකුලම තේවනුවර හරහා තබ්බෝව කරුවලගස්වැව මාර්ගයේ ගමන් කරන බවට ලැබුණු තොරතුර මත ක්‍රියාත්මකවූ කරුවලගස්වැව පොලීසිය තබ්බෝව පන්සල් හංදිය ප්‍රදේශයේ රැඳී සිට ඉදිරියට එමින් තිබූ ලොරිය නවතන ලෙස සංඥා කර ඇත.

වේගයෙන් පැමිණි ලොරි රථය පොලිස් නිළධාරීන් යට කරමින් පලා යාමට උත්සහ කිරීමේ දී වෙඩි තැබූ බව පොලීසිය කියයි.

වෙඩි නොතකා පලාගිය ලොරි රථය ලුහු බඳිමින් පොලීසිය හඹා යාම නිසා  කිලෝ මීටර දෙකක් පමණ ගොස් අතුරු මාර්ගයකට හරවා ඇති අතර ප්‍රධාන මාර්ගයේ සිට මීටර 200 පමණ දුරින් පලාදාගම ප්‍රදේශයේ දී  ලොරිය පෙරලී ඇති අතර එහි සිටී දෙදෙනකු පලා යනු දුටූ බව ප්‍රදේශවාසීන් පොලීසියට පවසා තිබේ.

එහි තිබූ තේක්ක දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 පමණ බවට පොලීසිය පැවසූ අතර තවමත් නිශ්චිතව තක්සේරු කර නොමැත.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇත. මීට පෙර ද අවස්ථා කිහිපයකදී මෙවැනි නීතිවිරෝධී ජාවාරම්කරුවන් පොලිස් නිලධාරීන් යට කිරීමට උත්සහ කරමින් පලා ගොස් තිබෙන බවත් ඒ පිළිබඳවත් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

ඡායාරූප - රෝවන් පෙරේරා



අදහස් (1)

පොලිස් අණ නොතැකූ ලොරියට වෙඩි

ravi Sunday, 07 July 2019 06:19 AM

මේ..ලොරියටයි. දැව තොගයටයි වෙඩිතියලා වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32368 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14876 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site