(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී.ජයසේන මහත්මියට අයත් පවුම් තුනක් පමණ බර රන් වළල්ලක් කෝට්ටේ මාදිවෙල - ග්‍රාමෝදය මාවතේ පිහිටි දෙමහල් නිවසේ තිබී සොරා ගෙන ගොස් ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
මන්ත්‍රීවරිය ඉකුත් මස 11 වැනි දින මෙම නිවසට පදිංචියට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
එම නිවසේ ඇය සමඟ රෝගී ලොකු පුතා , මෙහෙකාරිය මෙන්ම ඇයගේ අරක්ෂාව සඳහා පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකු සිට ඇති බව පොලිසිය කියයි.
ඉකුත් 6 වැනිදින මන්ත්‍රීවරිය ආරක්ෂකයින් තිදෙනා සමඟ පාර්ලිමේන්තුවට ගොස් නිවසට පැමිණ පහත මහලේ කාමරයේ කණ්ණාඩි මේසයේ ලාච්චුවට රන් වළල්ල දැමූ බවට ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
එදිනම සවස 4.30 පමණ රෝගියෙකු බැලීමට ආරක්ෂයන් සමඟ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගිය බවද පැමිණිල්ලේ සඳහන් වේ.
එම අවස්ථවේ නිවසට පැමිණ තිබූ නාඳුනන පුද්ගලයෙකු මන්ත්‍රීවරිය හදුනන බවත් අම්මා අසනීපව සිටින බැවින් මන්ත්‍රීවරියගෙන් රුපියල් 5000 ක මුදලක් ඉල්ලා ගැනීමට පැමිණි බව මන්ත්‍රීවරියගේ ලොකු පුතාට පවසා ඇතැයි පොලිසිය කියයි.
එම පුද්ගලයා නිවසේ පහත මහලේ සිටියදී මන්ත්‍රීවරියගේ පුතා උඩුමහලට ගොස් රුපියල් 2000 ක් එම පුද්ගලයාට ලබා දී ඇතැයි පොලිසිය කියයි.
පසුදින පාර්ලිමේන්තු යෑමට රන් වළල්ල පැලදීම සඳහා කණ්ණාඩි මේසයේ ලාච්චුව විවෘත කිරීමේදී කැරට් 24 වටිනා රන් වළල්ල එහි නොමැති බවට දැක ඇතැයි පොලිසිය පැවැසීය.
සිද්ධිය පිළිබඳ මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ රන් වළල්ලක් සොරාගෙන
chandima Saturday, 10 August 2019 01:25 AM
ඔව්ව ඔහොම තමයි, කොහෙන් හරි යනවා. නැත්නම් කෝ මේ අපිට ඔහොම වෙනවා.