IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාරිභෝගිකයන් රැවටූ වෙළඳුන් 32 දෙනෙකුට නඩු

(තිලකරත්න දිසානායක) 

ජනතාව නොමග යවමින් වෙළඳාම් සිදුකළ වෙළඳුන් 32 දෙනෙකුට එරෙහිව අද (02) නීතිමය පියවර ගත්බව පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකයේ නිලධාරියෙකු පැවසීය.

කූට අන්දමින් වෙළඳාම් සිදු කරන බවට පාරිභෝගිකයින්ගෙන් ලද පැමිණිලි මත පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය කැලණිය , බියගම සහ ගෝනවල යන ප්‍රදේශයන්හි දී සිදුකළ වැටලීම්වලදී වංචනික ලෙස කටයුතු කළ වෙළඳුන් 32 දෙනෙකුට මෙලෙස නීතිමය පියවර ගත් බව දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.  

ඔසුසල් , ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල් , සිල්ලර වෙළඳසැල් , බේකරි නිෂ්පාදන අලෙවිසැල් , එළවලු වෙළඳසැල් සහ භෝජනශාලා පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී එම වෙළඳසැල් වල තිබී කල් ඉකුත් වූ ඖෂධ, කල් ඉකුත් වූ තීන්ත අලෙවියට තැබීම , එළවලු සහ ආහාර පාන වල මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම , පෙති කපා අසුරා ඇති පාන්වල කල් ඉකුත් වූ දිනයන් නොමැතිවීම, මිල සහ කාණ්ඩ අංක සඳහන් නොකර පාරිභෝගිකයින් මුලාවට පත් කරමින් වෙළඳාම් කිරීම යන කරණු මත මෙම වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගත්බව කළුතරආරච්චි මහතා පැවසීය.  

 



අදහස් (3)

පාරිභෝගිකයන් රැවටූ වෙළඳුන් 32 දෙනෙකුට නඩු

almeida Monday, 02 March 2020 02:29 PM

කඩවතටත් ඇවිල්ලා බලන්න. හැම තැනම ඔහොම තමා.

:       0       1

Perera Monday, 02 March 2020 05:49 PM

ඔය විදිහටම ජනතාව රවට්ට රවට්ට බලයට පැමිණ හොරකම් වංචා දූෂණ කර කර රට විනාශ කර කර තමන්ගේ මඩිය විතරක් තරකරගන්න කූට දේශපාලුවටත් ඔහොම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමා ප්‍රශ්නේ.

:       0       0

mahinda Tuesday, 03 March 2020 01:08 AM

මේ වෙළඳසැල් ප්‍රසිද්ධ කල යුතුය

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site