IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොරෝගල සංචාරක නැරඹුම් මධ්‍යස්ථානය ඉදි කිරිමට ගම්වාසීන්ගේ විරෝධය

(ඩි.කේ.රත්න )
 
බණ්ඩාරවෙල පොරෝගල සංචාරක නැරඹුම් මධ්‍යස්ථානය ඉදිකිරීම ස ඳහා මුල් ගල් තැබීම අදට යෙදී තිබුණද  ගම්වාසීන් විසින්ගේ විරෝධතා හේතුවෙන්  එම කටයුතු නවතා දැමීමට සිදු විය.
 
බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවේ සභාපති  කරගහවෙල නන්දවිමල හිමියන්ගේ උපදෙස් පරිදි දර්ශණීය පොරෝගල සංචාරක මධ්‍යස්ථානයේ නැරඹුම් මැදිරියක් ඉදි කර දෙස් විදෙස් සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා මුදල් උත්පාදක මාර්ගයක් වශයෙන් දියුණු කිරීම සදහා මෙම ස්ථානයේ මුල්ගල් තැබීමට සූදානම් කර තිබිණි. ඒ සඳහා  රුපියල් ලක්ෂ හතලිහක් වැය කිරීමට සැළසුම් කර තිබිණි.
 
මෙම ස්ථානයේ සංචාරක මධ්‍යස්ථානය ඉදිකිරීම තුළින් ගම්මානය විවිධ අපචාර ක‍්‍රියා සහ මත්ද්‍රව්‍යවලට ගොදුරු වන බවත් ගම්මානයේ ගැටලූ රාශියක් තිබියදී ගමට ඇති එකම විසදුම සංචාරක මධ්‍යස්ථානයක් නොවන බවත් පවසමින් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට කිසිසේත් ඉඩ නොදෙන බව පවසමින් මෙම විරෝධතාවය පැවත්විය.
 
මේ සදහා ඌව පළාත් සභා මන්ත‍්‍රීවරුන් ඇතුලූ ප‍්‍රාදේශීය දේශපාලන නායකයින් රැසක් පැමිණි අතර ප‍්‍රදේශයේ ජනතාව බණ්ඩාරවෙල මහඋල්පොත ශ‍්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය අසළින් මග හරස් කර මෙම උත්සවයට යාමට ඉඩ නොදීම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
 
පසුව බණ්ඩාරවෙල මහඋල්පොත ශ‍්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති උඩරට අමරපුර නිකායේ ඌව වෙල්ලස්ස ප‍්‍රධාන සංඝනායක කන්දේගෙදර සුමංගල හිමියන් ප‍්‍රදේශවාසී ජනතාව හා පැමිණ සිටි ආරාධිත පිරිස සහ රාජ්‍ය නිළධාරීන් විහාරස්ථානයට රැස්කර වෙනත් දිනයකදී මෙම දෙපිරිසම රැස්කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙහි මුල්ගල් තැබීම ආරම්ල කරන ලෙසත් එතෙක් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම තාවකාලිකව නතර කරන ලෙසත් දැන්වීමෙන් පසු දෙපිරිසම මුල්ගල් නොතියාම විසිර ගියහ.

 



අදහස් (0)

පොරෝගල සංචාරක නැරඹුම් මධ්‍යස්ථානය ඉදි කිරිමට ගම්වාසීන්ගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site