(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පක්ෂයට එරෙහිව ගිය සහ යන සෑම කෙනෙකුටම එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීම ඉදිරි සතියේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
අද (11) මාරවිල ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සම්මේලනය අමතමින් මහලේකම්වරයා මේ බව කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘2015 ජනවාරි මාසයේ 08 වැනිදා පැරදුනාට පස්සේ කිසිම කෙනෙක් ඇයි අපි පරාද වුණේ කියලා හොයලා බලලා නැහැ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් පක්ෂය ඒ ගැන හොයා බැලුවේ නැහැ ඇයි අපි පැරදුනේ කියලා.
කවුරු හරි හිතනවා නම් ආපහු අපි ජය ගන්නවා කියලා ඒ අය බලාගෙන ඉන්නේ පරණ වැරදි ටික නැවතත් කරන්න.ඒ නිසා එය නිවැරදි තැනකට තල්ලු කරන්න ඕනේ කියලයි අපි නම් හිතන්නේ.
බලය ලැබුණා කියලා උදම් වෙලා යන්න ගියොත් අවුරුදු 05 ක් යන්න කලින් සියල්ලම නැත්තටම නැති වෙනවා.ඒ නිසා ස්ථාවර ආණ්ඩුවක් හදා ගන්න නම් සෑම කෙනෙකුටමට ගෞරවයක් ඇතිව කථා කරන්න පුරුදු වෙන්න ඕනේ.
මෙතන ඉන්න අය ඡන්ද එකතු කරලා තමයි අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පත් වුණේ.එහෙම පත් වුණු අය පක්ෂයට විරුද්ධව යනවා නම් අපි විනය ක්‍රියා මාර්ග ගන්න සුදානම් වෙලා ඉන්නේ.
මේක හිර වෙලා තිබුණේ මෙච්චර කාලයක්.නමුත් මම ඒක ක්‍රියාත්මක කරනවා.පක්ෂයට විරුද්ධව ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව ගිය සතියේ සිට අපි විනය පරීක්ෂණ ආරම්භ කළා. ලබන සතියේ අගහරුවාදා ඉදලා දිගටම විනය පරීක්ෂණ තියනවා. පක්ෂයක් වැඩ කරනවා නම් විනයක් තියෙන්න ඕනේ.‘‘
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘පක්ෂයට එරෙහිව ගිය අයට විනය ක්‍රියා මාර්ග ගන්නවා‘‘