IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


නොච්චියාගම ගැමියෝ උද්ඝෝෂණයක්

 (ජී.ඒ.පී කුමාර)

ඇගළුම් ආයතනයක් වසා දමන ලෙස ඉල්ලා නොච්චියාගම ගම්වාසීහු පිරිසක්  අද (02) ඇගළුම් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ.

ඇගළුම් ආයතනය ආසන්නයේ නිවසක කාන්තාවක් කොවිඩ් ආසාදනය වී ඊයේ  (01) මියයාමත් සමගම 27 හංදිය ශ්‍රී විසුද්ධාරාමාධිපති  අනුරාධපුර විජිතානන්ද හිමි ඇතුළු පිරිස මෙම විරෝධාතාවයට එක්ව සිටියහ.

 ඇගළුම් ආයතනයේ ‍ඇතුල් වීමේ දොරටු අවහිර වන සේ  සිටගනිමින් පිරිස  විරෝධතාවයෙහි නිරත වු අතර ඇගළුම් ආයතනය වෙත බස් රථ සහ වැන් රථවලින් පැමිණි සේවක සේවිකාවන් හට  වාහන තුලින් පිටතට පැමිණීමට ඉඩ නොදී එම වාහන නැවත හරවා යැවීමට විරෝධතා කරුවන් මෙහිදී කටයුතු කලහ.

මේ වන විට ඇගළුම් ආයතනයේ සේවක සේවිකාවන් විශාල පිරිසකට කොවිඩ් 19 රෝගය වැළදී ඇති අතර ඔවුන් සහ ඔවුන්ගේ නිවෙස් තුල විශාල පිරිසක් නිරෝධායනය වන බවත් තව දුරටත් ඇගළුම් ආයතය පවත්වාගෙන යාම හේතුවෙන් මෙම රෝගය ව්‍යාප්ත වන බවටද ඔවුහුචෝදනා කරති.

එමෙන්ම නිරෝධායනයට ලක් කර ඇති සේවක සේවිකාවන් නිරෝධායන කාල සීමාව අවසන් වීමට ප්‍රථම සේවයට කැදවා ගන්නා බවටද පිරිස චෝදනා කලහ.

මේ හේතුව තුල දින 14 කාලයක් සදහා ඇගළුම් ආයතනය වසා දමා සියළු සේවක පිරිස  පරීක්ෂණ කටයුතු සදහා යොමුකර නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව ආයතනය පවත්වාගන යාමට කටයුතු කරණ ලෙස විරෝධතාකරුවෝ පාලන අධිකාරියෙන් ඉල්ලා සිටියහ



අදහස් (0)

නොච්චියාගම ගැමියෝ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 341 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site