( කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන ප්‍රදේශයේ නිරෝධායන නීති හා සංචරණ නිතී කඩ කල පුද්ගලයන් පහළොවක් අද (03) වනදා අත්අඩංගුවට   ගත් බව  පොලිසිය පැවසීය .

කලවාන නගරයේ හා අවට ප්‍රදේශල නිකරුණේ මාවත් වල සැරිසැරු පුද්ගලයන් පහළොවක් හා රථ වාහන මෙලෙස අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය .

 එසේම කලවාන වේවැල්කදුර ප්‍රදේශයේ වෙළදසැල් දෙකක් නිරෝධායන හා සංචරණ නිතී කඩ කරමින් වෙළඳ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් එම වෙළෙඳ සැල් වල හිමිකරුවන් හා සේවකයන් අත්අඩංගුවට ගත් බවද කලවාන පොලිසිය පැවසීය .

සංචරණ සීමා පවතින සමයේ අත්‍යවශ්‍ය සේවා වල පිරිස් හැර සෙසු ජනතාව නිරෝධායන නීති වලට අනුගතව නිවෙස් වල රැදී සිටින ලෙසද කලවාන පොලිසිය ඉල්ලා සිටි.