(එම් .සුසිල් ප්‍රියන්ත )
වත්මන් විදුහල්පතිවරයා ඉවත්කර නව විදුහල්පතිවරයකු ලබාදෙන ලෙස ඉල්ලා අද (12 ) රත්ගම දේවපතිරාජ විදුහලේ දෙමාපියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණ නිරත වූහ .
විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපය නිසා සිය විදුහලේ අධ්‍යාපනය ,විනය දිනෙන් දිනම කඩා වැටෙමින් පවතින බව මේ උද්ඝෝසනයට එක්වූ මාපියෝ පැවසුහ
මේ නිසාම පාසලට අලුතින් ලමයි අතුලත් කිරීමට දෙමාපියන් මැලිවීම නිසා දැන් දැන් පාසල වැසීයාමේ දැඩි තර්ජනයකට ලක්ව තිබෙන බවත් ඔවූහු කියති.
එමෙන්ම පාසලේ මූල්‍ය අක්‍රමිකතාත් බොහෝ තිබෙන බවත් පැවසූ මාපියෝ මේ පිළිබඳව අදාල අධ්‍යාපන බලධාරීන් දැනුම්වත් කළද එයට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබූ නිසා මේ පියවරගත් බවත් ඔවුහු කීහ .
වත්මන් විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපය නිසා සිය පාසල කිවනොහැකි තරමටම වැටී තිබෙන බවද එම විදුහලේ සේවය කරන ගුරුවරුන් කිහිපදෙනෙකුම අප සමඟ පැවසීය .
මේ පිළිබඳව රත්ගම විදුහල්පති මානවඩු අල්විස් මහතාගෙන් විමසූවිට මෙසේ කීවේය.
රත්ගම දේවපතිරාජ විදුහලේ අධ්‍යාපනය මෙන්ම විනය ඉතාමත් හොද තත්වයක තියෙනවා.මේ කිහිපදෙනෙකුගේ කඩාකප්පල්කාරී වැඩක් .මෙතන ඉන්නේ දෙමාපියෝ විතරක්ම නෙමෙයි.එක එක අවශ්‍යාතා ඉටුකර ගන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා. මේ විදුහලේ ඉන්නේ බොහෝම හොද ඉතා අහිංසක ළමයි ටිකක්.මට හිතාගන්න බැහැ මේ අය මොකටද මේ උද්ඝෝණන කරන්නේ කියලා.මේකෙන් මේ අය බලාපොරොත්තුවෙන්නේ මොනවාද කියලා දන්නේ‘

2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නව විදුහල්පතිවරයෙක් ඉල්ලා රත්ගම විදුහලක උද්ඝෝෂණයක්