(ප්‍රසන්න පත්මසිරි)
බිබිල නිල්ගල වන රක්ෂිතයේ පුවක්පැලේ වන ප්‍රදේශය අද (07) ගිනි ගැනීමෙන් අක්කර සිය ගණනක ගිනිගෙන විනාශ වී තිබේ.
බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ, බිම් කොහොඹ ඇතුළු ඖෂධ ශාක හා කළුවර, බුරුත, ගම්මාලු, ඇතුලු වටිනා දැව ගස් හා අලි,කොටි.වළසුන්, වල්ඌරන්, මිමින්නන්, හාවුන්, මුවන්,ගෝනුන්, පක්ෂීන් හා උරගයින් ඇතුළු දුර්ලභ වර්ගයේ වන සතුන් විශාල වශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසක වනාන්තරයකි.
සෑම වසරකම නියං කාලය වන ජුලි සිට සැප්තැම්බර් මාසවලදී වනය විටින් විට මාස දෙක තුනක් තිස්සේ ගිනි ගැනීමෙන් අක්කර දහස් ගණනක් ගින්නට හසුවී වනයේ යටි රෝපණය වන මාන ඉලුක් ඇතුලු දෑ විනාශ වී යයි.
වසරක් පාසා වනය ගිනි ගැනීම නිසා කුඩුම්බේරිය ශාක හා අරළු,බුළු,නෙල්ලි ඵලදාව සරු වන බව කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නිල්ගල රක්ෂිතයේ ගින්නක්