
(මොරගහහේන - කේ බුද්ධික කුමාරසිරි )
මාලබේ අරංගල ප්‍රදේශයේ ත්‍රී රෝද රථයකින් ගොස් හෙරොයින් මත්කුඩු අලෙවි කරමින් සිටි “හෝකන්දර රයිඩර්” නමැති විශේෂ බලකායේ සෙබලෙකු මත්කුඩු සමගින්, රම්බෝ පිහි, ජීව උණ්ඩ ඇතුළු යුද හමුදා නිල ඇඳුම් තොගයක් සමගින් අද (18) අළුයම සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
සැකකරු සමගින් මත්කුඩු අලෙවියේ යෙදුණු තවත් පුද්ගලයෙකු ද මත්කුඩු සමගින් අත් අඩංගුවට ගෙන ඇත.
අතුරුගිරිය පොලිසියේ කොට්ඨාශ බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් විජේසේකර මහතාට ලද තොරතුරක් මත මාලබේ අරංගල ප්‍රදේශයේ දී සැකකරු මත්කුඩු අලෙවියේ නිරතව සිටියදී හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 860 ක් ද සමගින් අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේදී සැකකරු සමගින් සිටි තවත් පුද්ගලයෙකු ද හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 460 ක්ද සමගින් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
එලෙස අත් අඩංගුවට ගත් විශේෂ බලකායේ හිටපු සෙබලෙකු වන “හෝකන්දර රයිඩර්” නැමැත්තාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර හෝකන්දර උතුර ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී යුද හමුදා විශේෂ බලකා නිලදාරි ඇඳුම් කට්ටල තොගයක්, රම්බෝ වර්ගයේ පිහි 2ක්, ජීව උණ්ඩ 02 ක් සහ හිස් කොපු 3ක්, හෙරොයින් මත්කුඩු විකිණීමෙන් උපයා ගත් රුපියල් 96160/- ක මුදලක්ද සොයා ගත් බවද පොලිසිය පවසයි.
සැකකරු දෙදෙනනාම හෝකන්දර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (18) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිලඇඳුම්, ආයුධ සමග මත්කුඩු අලෙවි කළ 2ක් අත්අඩංගුවට