
(නිශාන්ත කුමාර)
කන්දකැටිය උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත්කළ සැකකරුවන් 11 දෙනා අගෝස්තු මස 07 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සුජීවනද සිල්වා මහතා අද (26) නියෝග කළේය.
එදිනට එම ස්ථානය සම්බන්ධයෙන් පුරා විද්‍යා වාර්තාව ඉදිරිපත්කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කන්දකැටිය, පොලිස් වසමේ පදිංචි පුද්ගලයින් හය දෙනෙකු හා පදවිය,කැඹිතිගොල්ලෑව, මීගමුව ,තංගල්ල හා පාදෙණීය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 40 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් පිරිසක් බව පොලිසිය පැවසීය.
කන්දකැටිය පොලිස් වසමට අයත් උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරන බවට ලද තොරතුරක් මත කන්දකැටිය පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස සමඟ ඔවුන් සතුව තිබූ ඇමෝනියා , සේවා නූල්, මල් බුලත් තට්ටු, පිරිත් නූල්, උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක් ද අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිධන් හැරූ 11 ක් අගෝස්තු 07 දක්වා රිමාන්ඩ්