
(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
අද දහවල් (5) පුරාවිද්‍යාවට අයත් හාරගම ගෝනවත්ත පුරාණ විහාර භූමියට ආසන්න ගල් ලෙනක් තුළ නිධන් හාරමින් සිටි පුද්ගලයෙකු තලාතුඔය පොලිසියේ කණ්ඩායමක් මගින් අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු තිස් හතක් වන රන් වැඩ කර්මාන්තයේ නියුතු රන් කරුවෙකි. මෙම ස්ථානයේ රන් සහිත නිධානයක් ඇති බවට තමන්ට තොරතුරු ලැබූනු නිසා ඔහු නිධානය හෑරීම සිදුකොට ඇත.
වික්ටෝරියා ජලාශය ඉදිවීමත් සමග මහවැලි ගං ඉවුරේ පිහිටි මෙම විහාරයේ කොටසක් ජලාශයට යටවීම නිසා විහාර භූමිය අත් හැර දමා ඇති අතර එහි ඇති පුරා විද්‍යාත්මක වටිනාකම නිසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රදේශය සලකුණු කොට ඇත.
නිධානය හැරීමට යොදාගත් කුලුගෙඩි අලවංගු හා උදළු ද අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හෙට දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසිංහ, උප පොලිස් පරීක්ෂක මහින්දසිරි, පොලිස් සැරයන් 29363 චන්ද්‍රෙස්කර, පොලිස් කොස්තාපල් 20030 බණ්ඩාර, 67717 ලක්මාල් සහ 78429 බණ්ඩාර යන නිලධාරින් මෙම වැටලීම සිදුකොට ඇත.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිධන් හෑරූ පුද්ගලයෙකු අත්අඩංගුවට