IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


නීතිවිරෝධී දුමිවැටි ගෙන්වූ මගියෙකු අත්අඩංගුවට

(කටුනායක ටී.කේ.ජී.කපිල)

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොහු ගාල්ල, ඉමදුව  ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද (03) අලුයම 5.40 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ මෙම ඩුබායි හි නිෂ්පාදිත රුපියල් 6,50,000 ක් වටිනා දුම්වැටි 13,000 ක් අසුරා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම අත් අඩංගුවට ගැනීම රේගු අධිකාරිවරුන් වන එච්.ඊ.ඩී. පෙරේරා, ජී.එස්.චන්ද්‍රසිරි, සහකාර රේගු අධිකාරිවරුන් වන උමංග ද සිල්වා, ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්. සමීර, එස්. එච්.එල්. රණසිංහ සහ පී.ඩී.එන්. ගමගේ යන මහත්වරු මෙහෙයවූහ.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ සමන් රණවන මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ රජිකා ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන පීටර් ගුණවර්ධන සහ තිලක් සුරවීර යන මහත්වරු සිදුකළහ.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.ඒ.ටී.බී. සුරවීර මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, මෙම ගුවන් මගියාට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.



අදහස් (1)

නීතිවිරෝධී දුමිවැටි ගෙන්වූ මගියෙකු අත්අඩංගුවට

saman Saturday, 03 August 2019 11:22 AM

මෙච්චර ලොකු තොගයක් නම් කොහොමත් අල්ලන්න ඕන. වැඩේ කියන්නේ අපිට බය පාවිච්චියට ගෙන පැකට් 10 - 12 ත් අල්ලනවානේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32414 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14917 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9890 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 385 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site