(රෝවන් පෙරේරා පුත්තලම)
තබ්බෝව ජලාශය ඇතුලු වැව් යටතේ වගාකල දේශීය වී අලෙවි කර ගැනීමේදී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවී ඇති බවට ගොවීහු මැසිවිලි නගති.
පසුගිය කන්නයේ මැයි මාසයේ පැවති වර්ෂාවත් සමග කන්න හතරකට පසුව ගොවිතැන් ආරම්භ කිරීමේදී වී වගා කිරීම බහුලව සිදුකර ඇති අතර කුඹුරු අක්කර 2000 වැඩි ප්‍රමානයක දේශීය වි වගාව සිදුකර ඇත.
දේශීය වී වගා කිරීමේදී ගොවීන්ට රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිකම හේතුවෙන් පෞද්ගලීක අංශ සමග එක්වී කටයුතු කිරීමට සිදුවී තිබේ.
වි අලෙවි කිරීමේදීද රජය ඒ සඳහා නිසි වැඩ පිළිවලක් සකසා නොමැති බැවින් පුද්ගලික ගැනුම් කරුවන් හට ලබාදීමට සිදුවී ඇති බව ගොවින් කියයි.
වියලි බර 14 ට සකස් කිරීමේදී වී වේලීම සඳහා කිලෝ මීටර 6-7 දුර රැගෙන ඒමට ගොවින්ට සිදුවී ඇත්තේ වී වේලීම සඳහා කමතක් නොතිබීම හේතුවෙන් එම අවශ්‍යතාවය කාපට් මාර්ග උපයෝගී කර ගනිමින් සපුරා ගැනීමටය.
වරින් වර පවතින වර්ෂාව හේතුවෙන් දින ගනනක් වී වේලීම සිදුකිරීමට සිදුවී ඇති අතර එහා මෙහා රැගෙන යෑමට විශාල වියදමක් දැරීමටද සිදුවී ඇති බවත් දේශීය වී ගොවියාට තම වී අලවි කර ගැනීමට අවශ්‍ය ප්‍රමානයට වියලි බර සකසා ගැනීමට වැඩි පිරි වැයක් දැරීමට සිදුවී ඇති බවත් ගොවින් කියයි.
ගොවින් ඉල්ලා සිටින්නේ දේශීය වී කර්මාන්ත නගා සිටුවීම සඳහා රාජ්‍ය මැදිහත්වීමක් ලබාදී වී මිලදී ගැනීමේදී පවතින වියලි බරට වඩා අඩු වියලිට (වියලි බර 16-17)මිලදී ගෙන වී වේලීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නේ නම් ගොවියාට අමතර දැරීමට සිදුවන වියදම් අඩුකර ගැනීමට හැකි වන බවත් අභාවයට යන දේශීය වී කර්මාන්තය නගා සිටුවීමට හැකි වන බවත්ය.
මේ පිළිබඳ විමසීම සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් විමසීමට උත්සහ කලද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකිවීය.





2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දේශීය වී අලෙවියේ ගැටලු ඇතැයි ගොවීන්ගෙන් මැසිවිලි