IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


‘‘දිළිඳු පවුල් ලක්ෂ 20 ක ආදායමයි ධනවත් පවුල් 100 ක ආදායමයි සමානයි‘‘

(මොහොමඩ් ආසික්)

අපේ රටේ ආර්ථික අර්බුදයට හේතුව ආර්ථික සාධාරණත්වයක් නැති වීම බවත් ඉහළ පන්තියේ පවුල් 100ක ආදායම දුප්පත් පවුල් ලක්ෂ 20ක ආදායමට සමාන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා කීය.

අද (23) වැනිදා සවස මහනුවර නගරයේ මධ්‍යම වෙළඳ පොළ ඉදිරිපිටදී  පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් දුමින්ද නාගමුව මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ  ඒ මහතා මෙසේද කීය.

‘‘ආර්ථික  අර්බුදයක් ගැන අද කතා කරනවා. එක එක මහත්වරු ඇවිත් චක්‍රවර්තීලා  කියලා පට්ටපල් කෙප්ප කෙලිනවා. අපි කියන්නම් ආර්ථික අර්බුදය ගැන ඇත්ත. අපි කඩනවා ආර්ථිකය තුනට.පළවෙනි  එක ආණ්ඩුවේ  ආර්ථිකය. දෙවැනි එක අපේ පවුල්වල ආර්ථිකය, තුන්වන එක සමාගම්වල ආර්ථිකය.

මේ ආර්ථික තුනෙන් තැන් දෙකක ප්‍රශ්න තියෙනවා. ආණ්ඩුවේ ආර්ථිකයේ කචල් එකක් තියෙනවා.ඒකට අයවැය හිඟයක් තියෙනවා. ණය ගන්නවා. ඒක ගෙවන්න ආයෙත් ණය ගන්නවා. අපේ ආර්ථිකය ඊට වඩා කචල්.

සාමාන්‍ය ජනතාවගේ මධ්‍යම පාන්තිකයාගේ  සුළු ව්‍යාපාරිකයාගේ ගොවියගේ කම්කරුවගේ ධීවරයාගේ මේ හැමෝගෙම  ආර්ථිකය කැඩි කැඩී යන්නේ. එතැනත් ප්‍රශ්න තියෙනවා. ඒත් සමාගම්වල ආර්ථිකයේ කරල පැහිල තියෙනවා. මේ රටේ සමාගම් සීයක් තියෙනවා. පවුල් සීයක් ඉන්නවා ඒ පවුල් සීයට පසුගිය අවුරුදු ගානෙම එක රුපියලකින්වත් ඒ ගොල්ලන්ගේ ආදායම අඩු වෙලා නෑ.  

ඒ ගොල්ලන්ගේ ලාභ අඩු වෙලා නෑ. ගොඩ ගැහෙන්නේ ඔවුන් ගාව ධනය  ගොඩගැහෙනවා ඔවුන් ගාව දුප්පත්කම ගොඩගැහෙනවා අපි ගාව මානසික අසහනය ගොඩ ගැහෙනවා මැද පන්තිකයා ගාව මානසික අසහනය ගොඩගැහෙනවා වෘත්තිකයා ගාව එක පැත්තකින් කුස ගින්න මානසික අතෘප්තිය මේවා තමයි අපි ගාව ගොඩගැහෙන්නේ.  

ඔවුන් ගාව ධනය ගොඩගැහෙනවා.මේ රටේ ධනවත්ම  පවුල් සීයට කොච්ච ධනයක් තියෙනවද කිව්වොත් මේ රටේ දුප්පත්ම පවුල් ලක්ෂ විස්සේ ආදායම සහ ධනවත් පවුල් 100යේ ආදායම සමානයි.

මේ රටේ පවුල් ලක්ෂ විස්සක වත්කමයි ධනවත් පවුල් 100ක වත්කමයි සමානයි.  මෙතැන ආර්ථිකයේ තියෙන්නේ ආර්ථිකයේ සාධාරණත්වයක් නැති එකයි.අපි ආර්ථික අර්බුදය ආර්ථික අර්බුදය කියා කතා කරනවා. සමාගම්වල තේ කොප්පයත් කප්පාදු කරනවා. ඔවුන්ට හොඳට ලැබෙනවා .ආර්ථික අර්බුදයක් ගැන ඇමරිකාව කිඹුහුමක් අරිද්දී මේ සමාගම් කාරයෝ ටී එක කපනවා. ඒසී නැති කරනවා.  සමහර සමාගම්වල මූත්‍රා කරන්න යන කොටත් කාඩ් මාර්ක් කරනවා.

මෙතැන තමයි ආර්ථික අර්බුදය තියෙන්නේ. අපි ඒ ගැන කතා කරන්නේ නෑ. කතා කරන්නේ  මොනවද වංචා දූෂණ වංචා දූෂණ. ඒක වැඩියෙන්ම කතා කරන්නේ ජවිපෙයි. ඒක හරියට බල්ලා ගැන කතා කරනවා වෙනුවට මැක්කා ගැන කතා කිරීම වගේ යැයිද මෙහිදී නාගමුව මහතා තවදුරටත් කීය.

නොවැම්බර් 16 වනදා දක්වා ජනතාවට අපායේ විවේක කාලය ලැබී ඇති බවත් මේ කාලයේ ජනතාව ගැන බොහෝදෙනෙකු කතා කරන බවත් නොවැම්බර් 16 වැනිදා අපායේ විවේක කලාය අවසන් වනු ඇති බවත් මෙහිදී නාගමුව මහතා තවදුරටත් කීය.



අදහස් (3)

‘‘දිළිඳු පවුල් ලක්ෂ 20 ක ආදායමයි ධනවත් පවුල් 100 ක ආදායමයි සමානයි‘‘

chandima Wednesday, 23 October 2019 05:35 PM

හරි ඔය කියන ඔක්කොම තියෙනවා තමයි. අරක තියෙනවා, මේක තියෙනවා කිව්වට වැඩක් නැහැනේ, ඒකට විසඳුම කියල නැහැනේ?.

:       0       1

dilhara Wednesday, 23 October 2019 11:01 PM

ඔය පවුල් 100 ත් නැතිකරලා දාලා ඒකෙන් යැපෙන ලක්ෂ ගණනක් ජනතාවගේ රස්සාත් නැති කරලා ඔය කියන ලක්ෂ 20 ඉන්න තැනිනුත් පහලට දාන වැඩක් තමයි ඔය කරන්න හදන්නේ. විෂමතාව අඩු කරන්න ඕන, ඒත් එක කරන්න ඕන බොහොම පරීක්ෂාවෙන්. නැත්නම් ඔක්කොම දුප්පතුන් වෙන එක වෙන්නේ.

:       1       11

සමන් ඔස්ට්‍රලියා Wednesday, 23 October 2019 11:31 PM

බොහොමයක් බිස්නස් වලත් පහුගිය කාලේ ආදායම පහල බැහැලා. මිනිස්සු දේවල් මිලදී ගන්නේ නැත්නම් ව්‍යාපාර වලට ආදායමක් නැහැ. සිංගප්පුරු, කොරියා මලයාසියා වගේ රටවල් දියුණු වුනේ 100% ක් දුෂණය නැති කරලම නෙවෙයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32091 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14560 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11251 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 41 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 307 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1253 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site