(දිනේෂ් උපේන්ද්‍ර)
අවුරුදු 7ක පිරිමි දරුවෙකු බරපතල අපයෝජනයකට ලක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරියකු ජුනි 28 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය අද(17) නියම කළාය.
සැකකරු පිළිබඳව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් එදින වාර්තාවක් කැඳවන ලෙසද එහිදී මහේස්ත‍්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.
මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ කුලියාපිටිය ගල්පොල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ දිනවල ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් ලබාදෙන ආරක්‍ෂක වැඩපිළිවෙළට අනුව කුලියාපිටිය ඇන්නරුව ප‍්‍රදේශයේ විහාරස්ථානයක ආරක්‍ෂාව වෙනුවෙන් සේවයේ යෙදී සිටියදී එම විහාරස්ථානයට පැවිදිවිම සඳහා පැමිණ තිබූ දරුවකු සැකකරු විසින් අපයොජනයට ලක්කර තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
සිද්ධියට අදාළ වින්ධිත දරුවා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.
සිද්ධිය වාර්තා වූ වහාම සැකකරු අත්අඩංගුවට ගෙන මූලික විමර්ශන කළ කුලියාපිටිය පොලිසිය සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළේය.
කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතර නීතිඥ චම්පික ලසිත කුමාර මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවකු අපයෝජනය කළ පොලිස් නිලධාරියා රිමාන්ඩ්