(ඔගස්ටින් ප්‍රනාන්දු)
තම බාලවයස්කාර දියණිය අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකට අදාළව වරදකරු වූ පුද්ගලයකුට බරපතල වැඩ සහිතව වසර 20ක සිර දඬුවමක් හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය අද(13) නියම කළාය.
රුපියල් ලක්ෂයක දඩයක් ගෙවීමට ද නියම විනිසුරුවරිය දඩය නොගෙවන්නේ නම් මාස හයක කාලයක් සඳහා බරපතල වැඩ සහිතව සිර දඬුවමක් ද නියම කළාය. අගතියට පත් දැරියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ගෙවීමටත් නොගෙවන්නේ නම් වසර දෙකක කාලයක් සඳහා බරපතල වැඩ සහිතව අමතර සිර දඬුවමක් ද නියම කළාය.
තීන්දුව ප්‍රකාශ කරණ අවස්ථාව වන විට විත්තිකරු අධිකරණය හමුවෙහි පෙනි නොසිටියේය. ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නියම කළ විනිසුරුවරිය ඔහු වෙනුවෙන් තැන්පත් කර තිබු රුපියල් 7,500ක ඇප මුදල රාජසන්තක කිරීමට ද නියෝග කළාය.
මෙම නඩුවේ විත්තිකරු වූයේ හලාවත මුගුණුවටවන විලත්තව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කිරිමුදියන්සේලාගේ සුනිල් වසන්ත රත්නායක නමැති සිව් දරු පියෙකි.
2009 සැප්තැම්බර් මාසයේ පළමුවන දිනත් එම වසරේ නොවැම්බර් මස 12 දිනත් අතර කාලයේ දි හලාවත මහාධිකරණ බලසීමාවේ මුගුනුවටවන මාළිගාවත්තේ දි එම දියණිය අපහරණය කිරීමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබුණි. මෙම සිද්ධිය සිදුවූ දිනවල දැරියගේ මව සෞදි අරාබියාවේ සේවයට ගොස් සිටි බවත් හෙළි විය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතිඥ අසංග මෙන්ඩිස් මහතා පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර විත්තිකරු වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙක් පෙනී නොසිටියේය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දියණිය අපයෝජනය කළ පියාට සිර දඬුවම්