(මංගල එදිරිසිංහ)
දෙදෙනෙකු අතර ඇති වූ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් අයෙකු අනෙකාට පිහියෙන් ඇනීම නිසා බරපතල තුවාල ලැබූ දෙදරු පියෙකු මිය ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසයි.
සැකකාර පුද්ගලයා කනන්විල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර මේ වන විට ඔහුව හොරණ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මියගොස් ඇත්තේ හොරණ කනන්විල පදිංචි රෝහණජිත් නයනජිත් රණසිංහ නම් වූ 47 හැවිරිදි දෙදරු පියෙකි.
එම තැනැත්තා ඊයේ රාත්‍රී 10 ට පමණ තම නිවෙස ඉදිරිපිට නිවැසියන් සමග කතා කරමින් සිටිය දී, එක්වරම ස්කූටර් බයිසිකලයකින් පැමිණි ඔහුගේ මිතුරා අසභ්‍ය වචනයකින් ඔහුට බැණ වැදී අතර ඉන් අනතුරුව දෙදෙනා අතර බහින් බස් වීමක් වී ඇත. අනතුරුව මිතුරා පිහියකින් එම පියාගේ පපු ප්‍රදේශයට ඇන එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් කියයි.
අනතුරුව බරපතල තුවාල ලැබූ තුවාලකරුව එම මොහොතේම හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමට පවුලේ පිරිස කටයුතු කළත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව හොරණ රෝහල ආරංචි මාර්ග කියයි.
මෙම දෙදෙනාම හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරත දිගු කාලයක සිට හොඳ මිතුරන් දෙදෙනෙකු බවත්, ඊයේ සවස ඔවුන් දෙදෙනා ම යම් ස්ථානයක දී මත්පැන් පානය කර ඇති බවත්, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන හොරණ පොලිසිය පවසයි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසූරිය මහතා ස්ථාන පරීක්ෂාව කර, වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුව අත්අඩංගුවට ගෙන හොරණ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කරන ලදී.
හොරණ මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි.
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙදරු පියාට පිහියෙන් ඇන ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට