IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දීඝවාපිය ග්‍රාමීය රෝහල පුළුල් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්

(වසන්ත චන්ද්‍රපාල)

දීඝවාපි ගම්මානයේ පිහිටා තිබෙන ග්‍රාමීය රෝහලේ සේවාවන් පුළුල් කරදෙන ලෙස ඉල්ලා එම ගම්මානයේ ජනතාව දීඝවාපි රෝහල ඉදිරිපිටදී අද (27) විරෝධතාවයක නිරත වූහ.

මෙම රෝහල ප්‍රාදේශීය රෝහලක් වන අතර ප්‍රාදේශිය රෝහලකට ඇති පහසුකම් තමන්ට නැති බව විරෝධතාකරුවෝ පැවසූහ. දැනට දෛනිකව බාහිර රෝගි අංශයෙන් ප්‍රථිකාර ලබාදෙන අතර වාට්ටුවක් ඇතත් නේවාසිකව රෝගින්ට ප්‍රතිකාර නොකරන බව විරෝධතාකරුවෝ සඳහන් කළහ.

දැනට මාස කිහිපයකය පෙර ගැබිනි මාතාවන් සඳහා වාට්ටුවක් විවෘත කර ඇති අතර එය විවෘත කළ දිනයේ සිට වසා දමා තිබෙන බව ගම්වැසියෝ පැවසූහ.දැනට සිටින කාර්ය මණ්ඩලය නිසි වේලාවට සේවයට වාර්තා නොකිරීම නිසා බෙහෙත් ගැනීමට පැමිණෙන රෝගින් අපහසුතාවයට පත්වෙන බවද ඔවුහු කියති.

මෙම විරෝධතාවය සමඟ මෙම ස්ථානයට කල්මුණේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් පැමිණ ගම්වැසියන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වනු  ලැබීය.

එහිදී කඩිනමින් පැය 24 තුළම සේවාව අද දින (27) සිටම ලබාදීමට පියවර ගන්නා බව එම නිලධාරීහු ගම්වැසියන්ට පොරොන්දු වූහ. මෙම ස්ථානයේ ඇති අඩුපාඩු ඉදිරි දින කිහිපය තුළදී ඉටු කරදීමට ගැම්වැසියන්ට පොරොන්දු වී තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරීන් දුන් පොරොන්දු කෙරෙහි විශ්වාශ්‍ය තැබූ ගම්වැසියෝ විරෝධතාවය අවසන් කරනු ලැබූහ.

 



අදහස් (0)

දීඝවාපිය ග්‍රාමීය රෝහල පුළුල් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site