IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දික්ඔය දරවල ජනපදයේ පානීය ජලයේ ගැටලුවකින් ජනතාව ලෙඩින්

(රංජිත් රාජපක්ෂ)                       

 හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල ජනපදයේ කුඩා ළමුන් ඇතුළු වැඩිහිටියන් 100දෙනෙකුට ආසන්න පිරිසකට දින කිහිපයක් තිස්සේ  වරින්වර පාචනය, කලන්තය, වමනය රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
 
හැටන් සිංගිමලේ රක්ෂිතයෙන් සහ දික්ඔය හැඩ්ලි තේ වත්තෙන් ගලා බසිනා  ජල මුලාශ්‍ර  හරස් කර හැටන් දික්ඔය දරවල ජනපදයට පානීය ජලය ලබාගෙන එම ජනපදයේ ඉහළ කඳු මුදුනේ ඉදි කර ඇති ජල ටැංකිවලට ජලය රැස් කර, එම ජලය කිසිදු පිරිපහදුවකින් තොරව පවුල් 160 කට පමණ බෙදා හරිනු ලබන්නේ එම ජනපදයේම සමිති දෙකක් විසින් බව පදිංචිකරුවෝ කියාසිටිති. ඔවුන් කියා සිටින්නේ වසර 12 කට ප්‍රථම තම ජනපදයට පානීය ජලය ලබාගත් බවත්, එදා සිට අද වන තෙක් තම ජනපදයේ පිහිටුවා ගන්නා ලද සමිති දෙක එදා සිට අද දක්වා ජනපදයට පානිය ජලය බෙදා හරින බවයි.
 
මෙසේ බෙදා හරිනු ලබන ජලය පානය කළ පිරිසක් ගත වු දින කිහිපය තුල දික්ඔය මුලික රෝහලෙන්ද ප්‍රතිකාර ලබා ඇති අතර තවත් පිරිසක් පෞද්ගලික බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබා ඇති බව ඔවුහු කියති.
 
පානීය ජලයට විෂබීජයක් මුසුවීම හේතුවෙන් තම ජනපදයේ විශාල පිරිසක් එකවරම රෝගාතුර වන්නට ඇති බව එම ජනපදයේ පදිංචිකරුවෝ සැකකරති.
 
හැටන් දික්ඔය දරවල ජනපදයේ කුඩා ළමුන් ඇතුළු වැඩිහිටියන් විශාල පිරිසක් එකවරම  රෝගාතුර විම සම්බන්ධයෙන් අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු එම ජනපදයට පැමිණ පරීක්ෂණයක් සඳහා ජල සාම්පල් ලබාගෙන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ජලය පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමටද පියවර ගත් අතර එම ජනපදයේ ඉදිකර ඇති ජල ටැංකියේ ගබඩා කර තිබූ ජලයට ක්ලොරින්ද මුසු කළහ.
 
සිද්ධිය සැලවීමත් සමග නොර්වුඩ් ප්‍රාදේශීය සභාවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පවත්නා තත්ත්වය මත එම ජනපදයේ වැසියන් උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ පා ඇත.



අදහස් (0)

දික්ඔය දරවල ජනපදයේ පානීය ජලයේ ගැටලුවකින් ජනතාව ලෙඩින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site