(ටෝනි කරුණානායක)
විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර 02 ක් , චීනයේ නිෂ්පාදිත බෝර 12 තුවක්කු 01 ක් විවිධ වර්ගයේ ජීව උණ්ඩ 23 ක් සහ කඩුවක් සන්තකයේ තබා ගෙන සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසිය වෙත බාරදී ඇති සැකකරුව පැය 48 ක් මිනුවන්ගොඩ පොලිසියේ රදවා තබාගෙන විමර්ශන සිදුකිරීම සඳහා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය ඊයේ (23) සවස මිනුවන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නාය .
පොලිස් විශේෂ කාර්ය බලකායේ කඩවත කඳවුරේ ප්ර ධාන පොලිස් පරීක්ෂක එච්.වී.එල්. විජේරත්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් සැකකරුව ගිනි අවි, උණ්ඩ සහ කඩුවක් සමග අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසියට බාර දුන් බවට අධිකරණයේදී සඳහන් විය.
සැකකරු මෙම ගිනි අවි භාවිතා කරමින් යම් අපරාධයක් කළේ ද යන්නත් එසේත් නැතිනම් සැලසුම් කළේ ද යන්නත් සහ සැකකරුට මෙම ගිනි අවි ලැබුණු ආකාරය සම්බන්ධවත් පරීක්ෂණ සිදු කිරීම සඳහා සැකකරුව රඳවා තබා ගැනීමට පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් සැකකරුව මෙසේ පැය 48 ක් පොලීසියේ රඳවා තබා ගැනීමට අධිකරනයෙන් මෙසේ අවසර ලැබුණි .
මිනුවන්ගොඩ, පොල්වත්ත, කෙසෙල් කොටුව වත්ත ප්ර8දේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටි ඩබ්.කේ . සමීර සම්පත් ප්ර්නාන්දු නැමැති 36 හැවිරිදි සැකකරුව මෙසේ පැය 48 ක් පොලිසියේ රදවා තබාගෙන විමර්ශන කිරීමට අවසර ලැබුනි.
සැකකරු මීගමුව දළුපොත මන්ත්රීප වත්ත ප්රෙදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි. ව්යා පාරිකයකු ලෙස රඟපාන සැකකරු දිවයිනේ විවිධ පළාත්වල සහල් ව්යාිපාරිකයින් ඇතුළු වෙනත් ව්යාෙපාරිකයින්ගෙන් භාණ්ඩ ලබාගෙන මුදල් ලබා නොදී
කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධව අධිකරණ රැසක නඩු 09 ක් ඇති බවත් 3.8 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම් සිද්ධීන් සම්බන්ධව අධිකරණ තුනක සැකකරුට විරුද්ධව නඩු ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය .
අධිකරණ රැසකින් සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවට වාර්තා වෙමින් පවතින බවද පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය. සැකකරු මෙම ගිනි අවි සන්තකයේ තබාගෙන යම් අපරාධ සිදු කළේ ද යන්නත්
අපරාධයක් සිදු කිරීමට සැලසුම් කළේ ද යන්නත් , සැකකරුට මෙම ගිනි අවි ලැබුණු ආකාරය සම්බන්ධවත් විමර්ශනය සිදු කොට සැකකරු සමඟ එම විමර්ශනවල ප්රෙගතිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරනයෙන් මිනුවන්ගොඩ පොලීසියට නියම කෙරුණි.
ගම්පහ කොට්ඨාස භාර ජ්යෙ ෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ
මහතාගේ අධීක්ෂණය මත සහ සහකාර පො.අ. තුසිත කුමාර මහතාගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්රො පො ප සාලිය පතිරාජසුරිය , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (පො ප ) ඩබ් පී එන් කරුණාරත්න , උප පො ප . අබේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරනා බවට අධිකරණයේදී සඳහන් විය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තුවක්කු-උණ්ඩ තබාගෙන සිටි සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග