(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුංහිද මැඩිතලේ ප්‍රදේශයේදී අද(28) ත්‍රිරෝද රථයක ඇති වූ ගින්නකින් එය මුළුමනින්ම විනාශ වී ඇති බව බදුල්ල පොලිසිය කියයි.
එහි ගමන් ගත් යුදහමුදා සෙබළකු, ඔහුගේ පුතු සහ බිරිඳ රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
ගින්නෙන් විනාශ වී ඇත්තේ ගිරාදුරුකෝට්ටේ, හොබරියාව ප්‍රදේශයේ පදිංචි පදවිය ශ්‍රී පුර 1කාරක ඉංජිනේරු රෙජිමේන්තුවට අනියුක්තව සේවය කර සෙබළ ආර්. එම්. එස්. ආර්. රත්නායක නමැත්තාගේ ත්‍රිරෝද රථයයි.
ගිරාදුරුකෝට්ටේ සිට බණ්ඩාරවෙල විශාඛා මාවත දක්වා යමින් සිටියදී ත්‍රිරෝද රථය මෙසේ ගිනිගෙන විනාශ වී ඇත.
ත්‍රිරෝද රථය මාර්ගය අයිනේ වේල්ලේ ගැටී පෙරළී ගින්නෙන් විනාශ වී තිබෙන බව පොලිසිය පැවසීය.
හෙට පැවැත්වෙන ඉංග්‍රීසි ගුරුවරුන් බදවාගැනිම් සම්මුඛ පරික්ෂණයකට සහභාගි වීම සඳහා ගෙනයමින් තිබූ ලියකියවිලි, සහතිකපත්, ඇදුම් පැළදුම්, මුදල් පසුම්බි සියල්ල ගින්නට හසුව විනාශ වී ගිය බව මොවුහු කීහ.
බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ත්‍රිරෝද රථයක් හිටිහැටියේ ගිනිගනී
shan Monday, 29 July 2019 05:23 AM
මොනම දෙයක්වත් එක පාරට ගිනි ගන්නේ නැහැ ගින්න ආරම්භයට කලින් යම් දුර්ගන්දයක් ඇතිවෙනවා මේ ගැන සියලුම රියදුරන් හොද අවදානයෙන් රිය දාවනය කල යුතුය. ලංකාවේ ඇති අඩුවක් වන්නේ සියලු දෙනාම පාහේ අවධානය යොමු කරවන්නේ මාර්ගය ගැන පමණයි.