IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘තබුවා’ ආරක්ෂිත මත්ස්‍යා මැරූ අයෙක් අත්අඩංගුවට

( පද්මා කුමාරී කංකානම්ගේ )
 
‘තබුවා‘ නම් අධි ආරක්ෂිත මත්ස්‍යකු  මරා කැබලි කර ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කල්පිටිය වෙරළ ආරක්ෂක බළකාය මගින්,කල්පිටිය ධීවර වරායේදී  අත් අඩංගුවට ගෙන, පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්‍යාලය ට අද (01)  දින භාර දී ඇත.
 
සැක කරු මෙම මත්ස්‍යා බත්තලගුන්ඩුව දූපතේ සිට,මීගමුව බලා රැගෙන යාමට සූදානම් කර තිබිය දී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
 
1996 අංක දෙක දරණ ධීවර පනතේ 61 වගන්තියට අනුව, තබුවා මත්ස්‍යා සන්තකයේ තබා ගැනීම,මැරීම සහ විකිණීම සපුරා තහනම් බැව්,පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසීය.
 
තබුවා මත්ස්‍යා  මුහුදු පතුලේ ගල් පර වැළි වලින් වැසුණු විට,ඒවා පිරිසිදු කොට, මසුන්ට බිජු ලෑමට සුදු ලෙස සකසන බව ඒ මහතා පවසයි.
 
තබුවා සහ ඉස්සන් අතර සහජීවන ක්‍රියාවක් පවතින බවත්,ඉස්සන් පැටවුන් තබුවාගේ මුඛය තුළ රදවා ගන්නා බවත්,ඒ මහතා පැවසුවේ ය.සැක කරු බත්තලගුන්ඩුව පදිංචි 35 හැවිරිදි සංක්‍රමණික ධීවරයෙකි.සැකකරු පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.



අදහස් (0)

‘තබුවා’ ආරක්ෂිත මත්ස්‍යා මැරූ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site