(චන්ද්‍ර සේන ගමගේ)
තංගල්ල සමූපාකාර සංගමයේ සාමාන්‍යාධිකාරී කේ. සරත් චන්ද්‍ර මහතාට මැර කණ්ඩායමක් විසින් ඊයේ(01) සවස රන්න ප්‍රදේශයේදී පහර දීමට එරෙහිව තංගල්ල සමූපාකාර සමිතියේ සේවකයෝ විරෝධතාවයක් අද (02) දහවල් රන්න නගරයේදී පැවැත්වූහ.
රන්න නගරයට ආසන්නව ඇති සමූපාකාර වෙළෙදසැලක් පවත්වා ගෙන යනු ලැබූ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් වූ කතාබහක් අතරතුරදී සාමාන්‍යාධිකාරීවරයාට පිරිසක් පහර දුන් බවත්, පහර දුන් පිරිස විසින් සමූපාකාර ගොඩනැගිල්ල පිහිටි භූමිය අත්පත් කර ගන්නට උත්සාහ කරන බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
මෙම සමූපාකාර ගොඩනැගිල්ල සමූපාකාර සමිතියට අහිමි වුවහොත් සමූපාකාර සාමාජිකයින්ට බලවත් අසාධාරණයක් වන බැවින් එය රැක ගැනීම වෙනුවෙන් තමන් මෙම විරෝධතාවයේ යෙදෙන බව සමූපාකාර සේවකයෝ කීහ.
සමාන්‍යාධිකාරී වරයාට පහර දුන් පිරිසට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට බල කරමින් මෙම විරෝධතාවය සංවිධානය කළ බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.
හුංගම පොලීසිය පවසන්නේ තංගල්ල සමූපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරයාට පහර දුන් බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ අනුව ඊට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු අද(02) අත් අඩංගුවට ගත් බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය පැවසීය.



2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තංගල්ල සමූපාකාර සාමාන්‍යාධිකාරීට පහරදුන්නැයි විරෝධතාවක්