අනීෂා මානගේ
තංගල්ල නගර මධ්‍යයේ පිහිටි ග්‍රාමීය බැංකුවේ ඉහළ මාලයේ අද(17) පස්වරුවේදී හදිසි ගින්නක් හට ගෙන ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගින්න හට ගෙන තිබිණි. විදුලි උත්පාදක යන්ත්‍රයක අලුත්වැඩියාවක් සිදුකර සේවකයකු විසින් එහි බැට්රිය සවි කිරීමට යාමේදී සිදු වූ දෝෂයක් හේතුවෙන් එම උපකරණය ගිනිගෙන ඇති ඇතැයි පොලිසිය කියයි.
මේ හේතුවෙන් බැංකුවේ ඉහළ මාලයට ගිනි ඇවිළී ඇති අතර සුළු හානි සිදුව තිබිණී.
තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් ඒකකයේ භටයන්, තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන්, කාර්යාලයේ සේවක මණ්ඩලය සහ අසල්වැසියන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළහ.
කාර්යාලයේ කිසිදු සේවකයකුට සහ ලිපිගොනුවලට හානි සිදුව නැතැයි පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තංගල්ල සමූපකාර ග්‍රාමීය බැංකුවේ ගින්නක්