IMG-LOGO

තේක්ක කඳන් පැටවූ ලොරි රථයක් අත්අඩංගුවට

(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)

මාදුරුඔය ජාතික වන රක්ෂිතයේ වසර සිය ගණනක් පැරණි තේක්ක ගස් හොරට කපා ප්‍රවාහනය කරමින් සිටියදි තේක්ක කඳන් 72ක් සමග ලොරි රථයක් අද (04) අත් අඩංගුවට ගත් බව වන ජීවි නිලධාරිහු පැවසූහ.

වන රක්ෂිතයේ ගස් කපා ලොරියකට කඳන් 38ක් පටවාගෙන වනයේ සිට අරලගංවිල මාර්ගයට පැමිණෙමින්
සිටියදී වනජිවී නිලධාරින් වැටලීම සිදුකරන අවස්ථාවේ රියදුරු රථයෙන් බැස පලාගොස් තිබේ.

වනය තුළ සිදුකළ මෙහෙයුමකදී ප්‍රවාහනයට සූදානම් කරතිබූ තවත් තේක්ක දැව කඳන් 24ක්ද සොයාගත් බව එම වනජිවී නිලධාරිහු පැවසූහ.  
වනයේ අක්කර 10000ක පමණ වසර 50ත්-100ත් අතර පැරණි මැරීගිය තේක්ක ගස් විශාල වශයෙන් තිබෙන
බව දැව ජාවාරම් කරුවන් සති දෙක තුනක් තිස්සේ කුඩාරම් වල රැදෙමින් දැව ජාවාරම සිදු කර තිබෙන බවත් වනජීවී නිලධාරීහු සඳහන් කරති.

අත් අඩංගුවට ගත් තේක්ක දැව කඳන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාදුරුඔය ජාතික වන උද්‍යානයේ වනජීවි උද්‍යාන භාරකරු බුද්ධික විදානගේ මහතාගේ උපදෙස් මත වනජීවි නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.



අදහස් (0)

තේක්ක කඳන් පැටවූ ලොරි රථයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site