(අමදෝරු අමරජිව)

යුද හමුදාවෙන් ඉවත් වු අයෙකු සිය කින්නියා පිහිටි ගෙවත්තේ සඟවා තිබු ජේ.ආර්.වර්ගයේ ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව කින්නියා පොලිසිය  කියයි.

සිය බිරිදට පහරදිමක් සම්බන්ධයෙන් බිරිදගේ නැගණිය පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු ලද තොරතුරකට අනුව පොලිසිය මෙම ජිව අත්බෝම්බය  සොයාගනු ලැබිය.

සැකකරුගේ නිවස පිහිටි කින්නියා පුවරසන්තිව්හි නිවසේ පොලිතින් කවරයක තබා ගෙවත්තේ මෙම ජිව අත් අබෝම්බය සඟවා තිබිනැයි පොලිසිය කියයි.

සැකකරු යුද හමුදා ඉංජිනේරු බලකායේ සේවය කල අයෙකු බව පොලිසිය කරුණු අනාවරණය කරගත් අතර බෝම්බය නිෂ්ක්‍රීය කරන තෙක් එම ස්ථානයට පොලිසිය ආරක්ෂාව යොදවා තිබේ.

සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර කින්නියා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.