
(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය මහසෙන් ජාතික පාසල අසල මහව මාර්ගයේ අද (30) අලුයම ප්‍රධාන ජල නලයක් පිපිරී යාමෙන් පාසල් ඉදිරිපිට තාප්පය පෙරැළී ගොස් ක්‍රීඩා ගාරයකට ද හානි සිදුව ඇත.
පාසල් ආරක්ෂක අංශ සඳහන් කළේ අද අලුයම 1.30 ට පමණ හදිසියේම විශාල ජල කඳක් පාසල තුළට ගලා ආ බවත් තාප්පය කඩා වැටුණු බවත්, අදාළ අංශ වෙත දැනුම් දුන් බවයි.
මේ වන විට ප්‍රදේශයේ ජල සැපයුමෙ ද ඇනහිට ඇති අතර, පුපුරා ගිය ජල නලය කඩිනමින් යථාතත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද ජල සම්පත් මණ්ඩලය පවසයි.
මේ දිනවල නිකවැරටිය මහව ප්‍රධාන මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීම ද සිදු කෙරෙන අතර ,කුමන හේතුවක් මත ජල නලය පුපුරා ගියේ ද යන්න පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය පරීක්ෂණ සිදුකරයි.



2025 නොවැම්බර් මස 04
755
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජල නලයක් පිපිරීමෙන් පාසල් තාප්පය පෙරැළෙයි