IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජල ගැලීම් වලින් උතුරේ පවුල් 198,831 අවතැන්

 (රොමේෂ් මධුෂංඛ)

උතුරු පළාතට බලපා ඇති වර්ෂාව සමඟ  ජල ගැලීම් වලින් මේ වන විය සාමාන්‍ය වැසියන් පවුල් 19,831 කට අයත් පුද්ගලයින් 64,448 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.
 
විපතට පත් ජනතාවගෙන් පවුල් 2611 කට අයත් පුද්ගලයින් 8478 දෙනෙකු උතුරේ දිස්ත්‍රීක්ක පහේ පිහිටුවා ඇති ආරක්ෂිත කඳවුරු 56 ක රඳවා ඇති අතර වර්ෂාපතනය හා ජල ගැලීම් හේතුවෙන් නිවාස අර්ධ හානි 319 ක් හා පූර්ණ හානි 6ක්  හානි වී තිබේ.
 
උතුරේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එය පවුල් 9297 කට අයත් පුද්ගලයින් 30,020 දෙනෙකු විපතට පත්ව ඇති අතර විපතට පත් ජනතාව ආරක්ෂිත කඳවුරු වෙතට රැගෙන ඒම හා සහන සැලසීමට මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මියගේ අධීක්ෂණයෙන් ආපදාකලමනාකරන නිලධාරින් හා මුලතිව් ආරක්ෂ සේනා ආඥාපති මේජර් ජෙනරල්ජයන්ත සෙනවිරත්න මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විසින් දායකත්වය ලබා දෙයි.
 
 එමෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවුල් 7225 කට අයත් පුද්ගලයින් 23,344 දෙනෙකු විපතට පත්ව ඇති අතර විපතට පත් ජනතාව වෙනුවෙන් කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතාගේ අධික්ෂණයෙන් ආපදාකලමනාකරන නිලධාරීන් හා කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුද හමුදාව දිවා රාත්‍රී සේවයේ යොදවා ඇත.
 
ඊට අමතරව යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 1858 කට අයත් පුද්ගලයින් 6298 ක්ද මන්නාරම් දිස්ත්‍රීක්කයේ පවුල් 1051 කට අයත් පුද්ගලයින් 3478 ක්ද වවුනියාව දිස්ත්‍රීක්කයේ පවුල් 400 කට අයත් පුද්ගලයින් 1308 ක්ද විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන කාර්යාල මගින් පෙනවා දෙයි.

වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ ප්‍රදේයන්හි පිහිටි වැව් වාන්දැමීම හේතුවෙන් වන අතර පහත්බිම් වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දැනුම් දී ඇත.

 



අදහස් (0)

ජල ගැලීම් වලින් උතුරේ පවුල් 198,831 අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site