(එම් .සුසිල් ප්‍රියන්ත )
සහසිකයින් පිරිසක් අතින් ඝාතනය වු ඉදුරුව මහ ඉදුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති විනයාචාර්‍ය යටියන බුද්ධානන්ද හිමියන්ගේ අදාහන කටයුතු හෙට (2 ) පැවැත්වෙන බව විහාරස්ථ දායක සභාව කියයි.
එදින පස්වරු 2ට බුද්ධානන්ද හිමියන්ගේ දේහය විහාරස්ථානයේ සිට රිය පෙරහරකින් ඉදුරුව මහජන ක්‍රීඩාංගණය දක්වා වැඩම කරවා ආගමික කටයුතු එහිදි සිදු කරන බවද එම දායක සභාව සඳහන් කරයි.
එදිනම පස්වරු 4ට ඉදුරුව මහජන ක්‍රීඩාංගණයෙන් දේහය නැවතත් විජයධම්ම පිරිවෙන් විහාරස්ථානයට රිය පෙරහරින් වැඩම කරවා පස්වරු 5ට විහාරස්ථාන භූමියේදී උන්වහන්සේගේ භූමදාන කටයුතු සිදුකරනු ලබන බවද දායක සභාව පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.