IMG-LOGO

ඝාතනයකින් දින දෙකකට පසු ඝාතකයා කොටුවෙයි

(එස්. ඩි.කොඩිකාර )
 මොරවක ,අලපාලාදෙනිය  ප්‍රදේශයේ පෙදරේරුවෙකුට තියුණු ආයුධයකින් ගෙලට පහර දී ඝාතනය කළ හිටපු යුද හමුදා සෙබළෙකු  දින දෙකකට පසුව අද (28) මොරවක ,රුවන්කන්ද ප්‍රදේශයේදී කුරුදු තලමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි.
 
 අත්අඩංගුවට ගත් සැකකරු මොරවක , දංගල  ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (47) ක තිදරු පියකු බව පොලිසිය කියයි .
 
 සැකකරු ඉකුත් (25  )  වන දින රාත්‍රී කාලයේ දී මොරවක ,ඊදඩුකිත ජනපදයේ පදිංචි (41) හැවිරිදි කොටපොලගේ  සුසන්ත ප්‍රේම රන්ජන් නැමැති  පෙදරේරුවකු ඔහු වාසය කළ නිවෙස ඉදිරිපිට දී කුරුඳු  කැත්තෙන් ගෙලට   පහර දී ඝාතනය කර තිබු අතර එම මළ සිරුර  ඉකුත්  (26) වන දින  පොලීසිය මගින් සොයාගෙන තිබුණි .
  
සැකකරු ඝාතනය සම්බන්ධයෙන්  පොලීසියට පවසා ඇත්තේ සැකකරුගේ දියණියක් සමග තිබූ සම්බන්ධයක් දුරදිග යෑම හේතුවෙන් ඝාතනය සිදු කර ඇති බවයි .
  
බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් .එල්. සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝක අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි වැඩි දුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

ඝාතනයකින් දින දෙකකට පසු ඝාතකයා කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site