IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගිනි අවි දෙකක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

(  එච්. චන්දන )

පුත්තලම - පාලවිය ගුවන් ගම ප්‍රදේශයේ පෞද්ගලික වත්තක තිබූ  බලපත්‍ර සහිත ගිනි අවි දෙකක් සොරකම් කළ පුද්ගලයකු එම ගිනි අවි දෙක සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසියේ අපරාධ අංශය කියයි.

පුත්තලම පොලීසියේ අපරාධ අංශයට මීට දින තුනකට පමණ පෙර ලැබුණු පැමිණිල්ලකට  අනුව කරන ලද මූලික විමර්ශණවලදී අණාවරණය වූ කරුණු අනුව එම වත්තේ මුරකරු සැක පිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී අසල වත්තක පොළවේ සගවා තිබූ බෝර 12 ගින අවිය හා වායු රයිප් ගිනි අවිය හා ඒ සදහා භාවිතා කරන උණ්ඩ  සියල්ලම සොයා ගැනීමට පොලිස් නිළධාරින්ට හැකි වී තිබේ.

අද  13 දහවල් මෙම වැටලීම සිදු කලේය.

කිසියම් අපරාධයක් සිදු කිරීමට හෝ තවත් අයකුට හොර රහසේ  අලෙවි කිරීමේ අරමුණින් මෙම ගිනි අවි සොරකම් කලේද යන්න පොලීසිය  සැක පහල කරයි.

සැකකරු හා අත් අඩංගුවට ගත් ගිනි අවි පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 



අදහස් (0)

ගිනි අවි දෙකක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site