IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ ) 

පාදුක්ක බෝපෙ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හිටපු හමුදා සෙබළකු ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 

ආමි ඩගී නැමැත්තා එලෙස අත්අඩංගුවට ගෙන ඇත 

පාදුක්ක බෝපෙ  ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකේ නීති විරෝධී මත්පැන් තිබෙන බවට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී බෝර 12 ෂොට් ගන් ගිනි අවියක් ,උණ්ඩ තුනක් හා කොටන තුවක්කුවක්  පොලිස් භාරයට ගෙන ඇත 

සැකකාර පුද්ගලයා මීට වසර දොළහකට පෙර විනය  හේතූන් මත යුද හමුදාවෙන් ඉවත් කළ අයෙක් බවත් පොලිසිය කියයි 

ගිනි අවි යොදා ගෙන යම් අපරාධයන් සිදුකළාද යන්න 38 හැවිරිදි සැකකරුගෙන් වැඩිදුර   ප්‍රශ්න කරන බව පොලීසිය කියයි 

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ 

 



අදහස් (0)

ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 53 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site