
(එම් .සුසිල් ප්‍රියන්ත)
පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කඳවුරේ නිලධාරීන් අද (6) පස්වරුවේදී රත්ගම කටුපොල්වත්ත, කමුණවැල්ල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් හා කඩු 02ක් සමග මුරකරුවකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල දක්ෂිණ නාවික හමුදා බුද්ධි අංශයේ ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මේ වැටලීම සිදු කොට ඇත.
සැකකරු මේ ගිනි අවි කප්පම් ගැනීමට ප්‍රයෝජනයට ගෙන ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු හා අත්අඩංගුවට ගැණුනු ගිනි අවි දෙක හා කඩු දෙක වැඩි දුර පරීක්ෂණ සදහා රත්ගම පොලීසියට බාරදී ඇත.
රත්ගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd