
( ප්රසන්න පත්මසිරි)
බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය වන ප්රදේශය අද (13) උදේ සුළග සමග ඇති ගින්නක් පැය තුනකට පසු නිවී යද්දී අක්කර සිය ගණනක වනයේ යටි රෝපණය දැවී ගොස් තිබු වන නිලධාරීහු පවසති.
බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ,බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර,බුරුත,ගම්මාලු,ඇතුලු වටිනා දැව ගස් හා අලි,කොටි.වළසුන්,වල් ඌරන්,මීමින්නන්,හාවුන්,මුවන්,ගෝනුන්,පක්ෂීන් හා උරගයින් ඇතුලු දුරුලභ වර්ගයේ වන සතුන් විශාල වශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසක වනයකි.
සෑම වසරකම නියං කාලය වන ජුලි සිට ඔත්තෝබර් මාසවලදී වනය විටින් විට මාස දෙක තුනක් තිස්සේ ගිනි ගැනීමෙන් අක්කර දහස් ගණනක් ගින්නට හසුවී වනයේ යටි රෝපනය වන මානම් ඉලුක් ඇතුලු ශාක විනාශ වී යන බව ගම්වාසීන් කියයි.
වනයේ නිතරම ගින්න තිබෙන බවත් සුළං හමන අවස්ථාවලදී ගින්න සීඝ්රයෙන් පැතිරී යන බවත් සුළං නැවතුන පසු ගින්න නිවී ගොස් නැවත සුළග සමග ගින්න හට ගන්නා බව අවට ගම්වාසීන් කියයි.



2025 දෙසැම්බර් මස 04
520
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගින්නකින් නිල්ගල රක්ෂිතයේ අක්කර 100 ක් විනාශයි
sampath Monday, 13 September 2021 11:17 PM
ගමේ මිනිස්සු බීඩි කොළ වවන්න ගිනි තියනවා ඒක පාලනය කරගන්න බැරි උනාම මේ වගේ වෙනවා .ඒ මිනිස්සුන්ට මේ වන පියසේ වටිනාකම තේරෙන්නේ නෑ .නිල්ගල කියන්නේ ඉතාම දුෂ්කර ගම්මානයක් .කොයි තරම් දුෂ්කරද කියනවනම් ලියුමක් එන්න මාසයක් යනවා .එක අවස්ථාවක ගුරු පත්වීමකට ලිපිය ලැබිලා තිබුනේ මාසෙකටත් පස්සේ