
(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල තිබූ දැවැන්ත සියඹලා ගසක් අද (23) සවස ඇදහැලුනු ධාරානිපාත වර්ෂාවත් සමඟ මාර්ගය වෙත කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවී ඇති බව මීගහකිවුල පොලිසිය පවසයි.
සියඹලා ගස කඩා වැටීමෙන් එම ස්ථානයේ තිබූ බස් නැවතුම්පළට, වෙළද සැලකට , දුරකතන රැහැන් පද්ධතියකට හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ මුර කුටියකට බරපතළ හානි සිදු ව ඇති බව පොලිසිය කීය.
ගස කඩා වැටෙන අවස්ථාවේ බස් නැවතුම්පොලේ කිසිවෙකු නොසිටි අතර මුර කුටියේ සිටි මුරකරුද කිසියම් අවශ්‍යතාවක් සඳහා පිටතට ගොස් සිටීම හේතුවෙන් අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව පොලිසිය කීය
අධික වර්ෂාව හේතුවෙන් සවස 6.45 පමණ වන විටත් ගස ඉවත් කිරීමට පියවර ගෙන නොතිබිණි.


2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගසක් කඩා වැටීමෙන් බදුල්ල මහියංගන මාර්ගයේ ගමනා ගමනයට බාධා