( සිතුම් චතුරංග සහ ප්‍රදීප් කුමාර )
වවුනියාව පම්පමඩු ප‍්‍රදේශයේ අතහැර දැමූ ජලය පිරී තිබු ගල්වලක නෑමට ගිය තරුණයින් දෙදෙනකු අද (09) දියේ ගිලී මියගොස් ඇතැයි වවුනියාව පූවරසන්කුලම පොලිසිය කියයි.
පම්පමඩුව ප‍්‍රදේශයේ අතහැර දැමුණු ගල්වලක් තුළ දියනෑම සඳහා පුද්ගලයින් 12 පමණ එහි ගොස් ඇති අතර දියනාමින් සිටියදී තරුණයින් දෙදෙනා දියේ ගිලී ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ වවුනියාව වේප්පම්කුලම් පදිංචි ශාන්තකුමාර් ජූඩ් (18) සහ වවුනියාව පට්ටාන්චූර් පදිංචි සුරේෂ්කුමාර් තනීෂන් (16) නැමති තරුණයින් ය.
එම ස්ථානයේ ජලය පිරී පැවතීම හේතුවෙන් තරුණයින් කණ්ඩායම් එහි ගොස් දියනෑමට හුරුවී සිටින බවත් එහිදී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය පැවසීය.
දියේ ගිලී ඇති තරුණයින් දෙදෙනාගේ සිරුරු පැය කිහිපයක් ප‍්‍රදේශවාසීන් හා පොලිසිය කිමිදුම්කරුවන් යොදාගෙන කළ සෝදිසි කිරීමේදී සොයාගෙන තිබේ.
මියගිය පුද්ගලයින්ගේ සිරුරු වවුනියාව පූවර්සන්කුලම ප‍්‍රාදේශිය රෝහල වෙත රැගෙනයාමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා වවුනියාව රෝහල වෙත රැගෙනයනු ලැබීය.
වවුනියාව පූවරසන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගල් වළක නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් මරුට