(ඩි.ජී.සුගතපාල)
මාතර මැද්දවත්ත ප්‍රදේශයේදි දෙපිරිසක් අතර ඇතිවු ආරවුලකදි හිසට ගල් පහරක් වැදිමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර සිටි තුවාලකරු මියගිය බව කරපිටිය රෝහල් පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාතර මැද්දවත්ත කොස්පැලවත්ත ජනරජ මාවත පදිංචි 36හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් 05වනදින කොස්පැලවත්ත ප්‍රදේශයේදි මියගිය සහ තවත් කාන්තාවක්ද සමග පිරිසක් ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එහිදි එම දෙදෙනාගේ හිසට ගල් පහර වැදිමෙන් බරපතල තුවාල ලබා ඇත.
තුවාලකරු සහ තුවාලකාරිය පළමුව මාතර රෝහලටත් පසුවවැඩිදුරප්‍රතිකාර සඳහා තුවාලකරු කරාපිටිය රෝහලටත් මාරුකර එවිමෙන්පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙසේ මියගොස් ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.