IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගම්වැදුණු වන අලි 60ක් කැකිරාවේ වගාබිම් වනසති

(කාංචන කුමාර ආරියදාස)
 
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කිරියාගම කලාගම ප්‍රදේශයේ  වගාබිම් රැසකට වන අලින් 60ක පමණ කණ්ඩායමක් කඩාවැදී වගා විනාශ කර දමා ඇතැයි ගොවීහු කියති.
 
කලා වැව සහ බළලූ වැව රක්ෂිතවල රැඳී සිටින වන අලි 150ක පමණ රංචුවක්  50ක 60ක කණ්ඩායම් ලෙස එක් වී දිනපතා වගා විනාශ කරන බව ඔවුහු වැඩිදුරටත් කියාසිටිති.
 
පීදීගෙන එන ගොයම් පැළ සහිත කුඹුරුද, අස්වනු නෙළීමට ආසන්නව තිබූ මෑකරල්, පැණි කොමඩු, වට්ටක්කා, බඩඉරිඟු, වැටකොළු ආදී වගා රැසක් පැයක පමණ කාලයක් ඇතුළත විනාශ කර ඇති බවද ඔවුහු පවසති.
 
දිගින් දිගටම වන අලින්ගෙන් ඔවුන්ට හානි වුවද මෙතෙක් ඒ සඳහා වන්දි මුදලක් ලැබී නැතැයි එම ගොවීහු චෝදනා කරති.
 
වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද අවස්ථා ගණනාවකදීම වන අලින් පලවා හැරීමට උත්සහ කළ ද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින සීමිත සේවකයන් පිරිස විදුලි වැට නඩත්තු කළද වන අලින් ඒ සියල්ල බිඳ දමා ගම්වැදෙන බව ගොවි ජනතාව පවසති.
 
ගොවීන්ට සිදුව ඇති හානියට වගා  වන්දියක් ලබා දී කලා වැව සහ බළලූ වැව ජාතික උද්‍යානයේ සිටින වන අලින්ට ගම් වැදීමට නොහැකි වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී කලාගම ප්‍රදේශයේ පමණක් නොව අවට ගම්මානවල ජීවත්වන ජනතාවට ද දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ගොවිතැන් අතහැර දැමීමට සිදුවීමේ අවදානමක් පවතින බවද ගොවීහු පෙන්වා දෙති.

 



අදහස් (0)

ගම්වැදුණු වන අලි 60ක් කැකිරාවේ වගාබිම් වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site