IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගිනි අවි - ජීව උණ්ඩ සමග අපරාධකරුවෙක් අත්අඩංගුවට

(සුමතිපාල දීයගහගේ)
 
ගාල්ල නගරයේ මංකොල්ලාකෑම් තුනක් ඇතුලු අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු ගිනිඅවියක් සහ ජීව උණ්ඩ තුනක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් බූස්ස කදුරුපේදී අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරු බූස්ස කදුරුපෙ පදිංචි පුද්ගලයෙකි.
 
පසුගිය මාර්තු මස 26 වන දින අලුයම ගාල්ල බෙලිගහ හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්පොලේ මුදල් මංකොල්ලාකෑම, මාර්තු 30 වන දින ගාල්ල පේදුරුවල හන්දියේදී යතුරුපැදියකින් සිගරැට් බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු ළග තිබු මුදල්, සිගරැට් සහ එම යතුරුපැදිය කොල්ලාකෑම සහ ජූලි මස 17 වන දින ගාල්ල පේදුරුවල හන්දියේදී වෙඩි තැබීමක් සිදු කර  මුදල් මංකොල්ලාකෑමක ප්‍රධාන සැකකරු මොහු බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
මීට අමතරව ගාල්ල හා අවට පොලිස් වසම් කිපයකදී සිදුකරන ලද රන්මාල කොල්ලාකෑම සහ වෙනත් අපරාධවලටද මොහු සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
 
සැකකරු අද (5 ) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ගිනි අවි - ජීව උණ්ඩ සමග අපරාධකරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site