IMG-LOGO

ගිනිඅවියක් සමඟ විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයකු අත්අඩංගුවට

(ඩබ් ඒ පියතිලක සහ ක.ග.කරුණාරත්න)

 

පොලොන්නරුව  දියබෙදුම ප්‍රදේශයේ  විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයකු බෝර 12 ගිනි අවියක් සහ පතුරම් 4 ක් සමඟ දියබෙදුම ඇළිකිඹුලාවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී  අද (8)  අත්අඩංගුවට ගත් බව  දියබෙදුම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දියබෙදුම පොලිස් වසමේ  ඇළිකිඹුලාවල වැව අසල ක්ෂණික මාර්ග බාධකයේදීය.  මෙම සැකකරු සතුව බෝර 12 ගිනි අවියක් සහ ඒ සදහා භාවිතා කරන පතුරම් 4ක් තිබී ඇත.

මෙම පුද්ගලයා මඩුදමන ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික තැපැල් ස්ථානාදිපතිවරයකු බවත් ගිනි අවිය රැගෙන යන්නේ රිලවුන්ට වෙඩි තැබිම සඳහා බව පොලිසිය කළ ප්‍රශ්න කිරිම් හමුවේ  සැකකරු පැවැසු බව දියබෙදුම පොලිසිය කියයි.

පොලිස්පතිගේ  නියෝග පරිදි දිවයින පුරා අද (8) අලුයම 4 සිට උදැසන 7 දක්වා කාලය තුළ පැවැති විශේෂ මෙහෙයුම් කාලය තුළදී මෙම පුද්ගලයා සහ ගිනිඅවිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් ගිනි අවිය සහ සැකකරු අද (8) හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

ගිනිඅවියක් සමඟ විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site