IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගංජා-මත්කුඩු ජාවාරමේ යෙදුණු පොලිසියේ දෙදෙනකු ඇතුළු 4 ක් අත්අඩංගුවට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

කේරල ගංජා හා අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමක නිරත වෙමින් සිටි පොලිස් සැරයන්වරයකු හා උප පොලිස් පරික්ෂකවරයකු සමග තවත් සැකකරුවන් දෙනෙකු අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.

පුත්තලම විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් විසින් පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ දී මොවුන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ පොලිස් නිළ ඇදුමින් සැරසි සිටි පොල්ගහවල පොලිස්ථානයට අනුයුක්තව සේවය නියුතු පොලිස් සැරයන්වරයකු හා සේවයෙන් විශ්‍රාම ගොස් ඇති උප පොලිස්වරයකු සමග තවත් සැකකරුවන් දෙනෙකු බව කියයි.

එම සැකකාර සේවයේ නියුතු පොලිස් සැරයන්වරයා හා විශ්‍රාමික උප පොලිස් පරික්ෂකවරයා පුත්තලම ආසන්න ප්‍රදේශයකදී තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය මිලදි ගෙන ඇති බව පරික්ෂණ වලදි හෙළිව තිබේ .

එම සැකකර පොලිස් නිළධාරින් හා අනිකුත් සැකකරුවන් ගංජා මිලදි ගැනිමේන් පසුව මොවුන් පැමිනි මෝටර් රථයෙන්ම ආපසු ගමන් කරමින් සිටියදි පුත්තලම විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් වාහන යොදා මහ මග හරස් කරමින් මෝටර් රථය හා සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබුනී.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සිදුවන අවස්ථාවේ දි මෝටර් රථයේ සිට පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු කල්අඩිය ප්‍රදේශයේ ජනතාව හා පොලිස් නිළධාරින් එක්ව දැඩි පරිශ්‍රමයකින් පසුව අල්ලා ගෙන තිබු බව කියයි.

කෙසේ නමුත් සැකකාර පොලිස් නිළධාරන් තුන් ලක්ෂ පනස් දහසක් ලබා දි කේරල ගංජා කිලෝ දෙකක් මිලදි ගත් බව ප්‍රශ්ණ කිරිමේදි පවසා තිබු බව කියයි.



අදහස් (0)

ගංජා-මත්කුඩු ජාවාරමේ යෙදුණු පොලිසියේ දෙදෙනකු ඇතුළු 4 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site