(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර කල්මුණ ඉමිය මුහුදුබඩ මාර්ගයේදී ගජමුතු 5 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් මත අද(02) නිදහස් කිරීමට කල්මුණේ මහේස්ත්‍රාත් අයි. එම්. රිස්වාන් මහතා නියෝග කළේය.
එක් සැකකරුවෙකුට රුපියල් 50,000ක මුදල් ඇපයක් බැගින් සහ ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔවුන් නිදහස් කර තිබේ.
මෙම පිරිස කින්නිය සහ කන්තලේ පදිංචිකරුවෝ වෙති.
නාවික හමුදා බුද්ධි නිලධාරින් ලද ඔත්තුවක් අනුව ගජමුතු විකිණීමට සූදානම්ව සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් මෙම වැටලීම කර ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම ගජමුතු වල බර ග්‍රෑම් 57 කි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා කල්මුනේ පොලීසියට භාරදීමෙන් පසුව කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී ඔවුන් ඇප මත මුදාහැර ඇත.

2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගජමුතු ළඟ තබා ගත් 7දෙනෙකුට ඇප