IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගංවතුරින් උතුරේ 3000ක් පීඩාවට

(රොමේෂ් මධුෂංඛ)

මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පවුල් දහසක පුද්ගලයින් 3000 කට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බව ආපදා කළමනාකරණ නිලධාරී කාර්යාලය පවසයි.
 
කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් වාන් ජලය නිසාවෙන් ගංවතුර තත්වයක් ඇතිවී තිබේ.
 
වර්ෂාව හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේය.
 
මේ අනුව කිලිනොච්චියේ කණ්ඩාවලෙයි, කරච්චි, පූනකරී, සහ පච්චිලයිප්පලිල් ප්‍රදේශයන්හි පවුල් 550 කට ආසන්න පුද්ගලයින් 1600 කට අධික පිරිසක්ද පීඩාවන්ට පත්ව ඇත.
 
එමෙන්ම යාපනයේ පේදුරුතුඩුව, චාවකච්චේරි, සන්දිලිප්පායි, උඩුවිල්, නල්ලූර්, මරදන්කේනී සහ කෝපායි යන ප්‍රදේශයන්හීද පවුල් 400 කට ආසන්න පුද්ගලයින් 1200 ක් පමණ පීඩාවන්ට පත්ව ඇත. 
 
කෙසේ වෙතත් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් ජලය හේතුවෙන් පහත් බිම් යටවීමේ අවදානමක් පවතින බැවින් මේ වන විටත් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ නිලධාරීන් යොදවා ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම සහ ඔවුන්ට ආහාරපාන ඇතුලු අනෙකුත් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත.



අදහස් (0)

ගංවතුරින් උතුරේ 3000ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 671 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site